තම දිවි පරදුවට තබා අන් අය ජීවත් කිරීම වෙනුවෙන් හා සමාජය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් කළ වියපත් යුවළකට උපහාර පීදීමේ උත්සවයක් පොල්පිතිගම, පිදිවිල්ල හා මටලුවාව අතර පිහිටි සීමාසහිත පාරිසරික කෘෂිකාර්මික නිෂ්පාදකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ සමුපකාර සංගම් (අපේ කෝප්) පරිශ්‍රයේදී වැලන්ටයින් දිනය දා (14) රාත්‍රියේ දී පැවැත්විණි.
පොල්පිතිගම ‘අපේ කෝප්’ සංගමයේ සභාපති මෙන්ම ජනමාධ්‍යවේදියකු හා සමාජ ක්‍රියාකාරියකු වන ජයම්පති බුලත්සිංහල මහතා රැස්ව සිටි පිරිසට එම අතීත ආවර්ජනයන් සිහිපත් කොට උපහාර තිළිණ පිදීමට පෙරමුණ ගැනීම විශේෂත්වයකි.
එහිදී හක්වටුනා ජලාශයේ වතුර වයඹ ජල ව්‍යාපෘතියක් හරහා ගෙන ආ හැකි බවටත්, අලි තර්ජනවලට විසඳුමක් ලෙස සියඹලන්ගමුව සිට මඩහපොල සීමාව දක්වා විදුලි අලි වැටක් සැකසිය යුතු බවටත් ජනතාව ඒකරාශී කරගෙන මුලින්ම හඬක් නැඟූ විශ්‍රාමලත් ගුරුවරයකු මෙන්ම සමාජ ක්‍රියාකාරියකු වන පොල්පිතිගම, කිරිබමුණේගම යාය පදිංචි දැනට 80 හැවිරිදි ඩබ්.ඒ. එඩිවින් වික්‍රමසිංහ මහතාට උපහාර තිළිණයක් පිරිනැමිණි.
88,89 භීෂණ සමයේ ආරක්ෂක අංශ, පොලීසිය හා එක්ව අරගලය වෙනුවෙන් හඬක් නැඟූ තරුණ පිරිස් ඝාතනය කිකීරමට සොයනා විට ඔවුන් තම වනගත පෙදෙසක පිහිටි නිවෙසේ රහසිගතව රඳවාගෙන කෑම, බීම හා රැකවරණය දුන් නිසා ඔවුහු අදටත් නිරුපද්‍රිතව සමාජයට වැඩදායක පුරවැසියන් ලෙස ජීවත් වෙති.
එමෙන්ම තම දරු පැටවුන් පස්දෙනකු අතරේ මරණයට කැපවූවන්ට අභයදානය දෙන්නට එම අභීත මෙහෙවරට දායක වූ එම ග්රාමයේම පදිංචිව සිටින 99 වැනි වියේ වුව ද නීරෝගි සුවයෙන් සිට තවමත් තනිවම ගොවිතැන් කටයුතුවල නියැළෙන ආර්.එම්. උක්කුමැණිකා දිරිය මාතාවට ද සිහිවටන තිළිණයක් මෙදින පිරිනැමිණි.
අනතුරුව රොක් සංගීතය ලංකාවට හඳුන්වා දුන් අජිත් කුමාරසිරි හා නව ආරයේ ගීත ගයන්නට අර්ජුමාන් හා නාමිලී පංචලා ගායක යුවළ මෙහි පැමිණ සිටියහ.
පොල්පිතිගම සමූහ – නන්දන කැලේගම