Monday, April 21, 2025
Home » බස් රිය – වෑන් රිය එකිනෙක ගැටී තරුණියන් 12ක් සමඟ රියැදුරු රෝහලේ

බස් රිය – වෑන් රිය එකිනෙක ගැටී තරුණියන් 12ක් සමඟ රියැදුරු රෝහලේ

by sachintha
February 18, 2025 1:16 am 0 comment

කන්දකැටිය – බෝපිටිය මාර්ගයේ වැවේතැන්න, බෝපිටිය ප්‍රදේශයේදී ඊයේ (17) දහවල් බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණියන් දෙළොස් දෙනකු සමඟ පිරිමි පුද්ගලයකු රෝහල්ගත කළ බව කන්දකැටිය පොලීසිය කියයි.

කන්දකැටිය සිට බෝපිටිය දක්වා මගීන් නොමැතිව ධාවනය වූ පෞද්ගලික බස් රථයක, බෝපිටිය සිට පුද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවට සේවිකාවන් රැගෙන යමින් තිබූ වෑන් රථයක් බෝපිටිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ තරුණියන් 12 දෙනා සමඟ වෑන් රථයේ රියැදුරු කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තරුණියන් අටදෙනකු මහියංගණ මූලික රෝහලට මාරු කර යවා ඇති බවත්, තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් පොලීසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් මගී බසයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත. බදුල්ල නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ඌව පළාත් සමූහ – ප්‍රසන්න පත්මසිරි

බදුල්ල සමූහ – නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT