Home » ‘විසල් බණ්ඩාරවෙල’ ජල ව්‍යාපෘතියට කුරුකුදේ දී මුල්ගල්

‘විසල් බණ්ඩාරවෙල’ ජල ව්‍යාපෘතියට කුරුකුදේ දී මුල්ගල්

by sachintha
February 18, 2025 2:15 am 0 comment

‘විසල් බණ්ඩාරවෙල’ ජල ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස හාලිඇළ, කුරුකුදේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත, ඝන මීටර් 10,000ක ධාරිතාවකින් යුතු ජල පිරිපහදු පද්ධතියේ මූලික වැඩ ආරම්භ කරමින් ඒ සඳහා මුල්ගල් තැබීම, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (16) සිදුකෙරිණි.

උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ, ඇල්ල, හාලිඇළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව සඳහා පිරිපහදු කරන ලද පානීය ජලය සම්පාදනය මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන අතර වර්තමාන සහ අනාගත ජල අවශ්‍යතා සපුරාලීම සඳහා නළ ජල පහසුකම් ලබා දීම තුළින් එම ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය හා ජීවන මට්ටම නැංවීම ද එහි තවත් අරමුණක් වේ. අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ග්‍රාම නිලධාරී වසම් 64ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 9,500කි. ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර අරුණ බණ්ඩාර මහතා ඇතුළු ආරාධිතයන්, අදාළ නිලධාරීන් හා ගම්වාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT