නිසි ලිපි ලේඛන නොමැතිව කුඩා ප්‍රමාණයේ යතුරුපැදි හතරක් බස් රථයකින් ප්‍රවාහනය කළැයි කියන සිද්ධියකට අදාළ එම බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
මින්නේරිය බටුඔය පොලිස් මාර්ග බාධකයේදී එම බස් රථය පරීක්ෂා කිරීමේදී එහි පිටුපස තිබූ විශාල කුටියක මෙම යතුරුපැදි හතර දමා තිබූ බව ද පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සිට කාත්තන්කුඩි දක්වා ගමන් ගත් බස් රථයක කොන්දොස්තරවරයෙකි.
මෙම යතුරුපැදි හතර ඉබ්බාගමුව ප්‍රදේශයෙන් බස් රථයට පටවා ඇති අතර ඒවා කාත්තන්කුඩිය දක්වා ප්‍රවාහනය කරමින් තිබී ඇති බවත් ඒවාට අදාළ කිසිදු ලේඛනයක් සැකකාර කොන්දොස්තරවරයාට තිබී නැති බවත් පොලීසිය සඳහන් කරයි.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම මත හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඬල මහතාගේ උපදෙස් පරිදි මින්නේරිය පොලිස් ස්ථානාධිපති සචී දුමින්ද ප්‍රනාන්දු, පොලිස් සැරයන් ඉ. කහතුඩුව (11141), ලයනල් (3435) හා තිලකරත්න(50528) යන නිලධාරීහු මෙම වැටහීම සිදු කරනු ලැබ තිබිණ.
මින්නේරිය සමූහ – සුසිල් කරුණාතිලක