36
වගාහිමියකු තම කුඹුර වටා අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී අවුරුදු පහක් පමණ වයසැති අලි පැටවකු ඉකුත් දා (15) රාත්‍රියේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හේරත්ගම වනජීවි කාර්යාලය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පන්සියගම පොලිස් වසමේ හෙනව, පොල්වත්ත යාය ප්‍රදේශයේ සැරි සැරූ අලි රංචුව අතරේ සිටි අලි පැටවෙකු බවද එම කාර්යාලය සඳහන් කරයි.
මිය ගිය අලියාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (16) සවස් යාමයේ සිදු කිරීමට නියමිතව තිබුණි. මරණ පරික්ෂණයෙන් පසුව ඉඩම වටා විදුලි රැහැන අදින ලද තැනැත්තා සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද වනජීවී කාර්යාලය කියයි.
පොල්පිතිගම සමූහ
නන්දන කැලේගම