Home » විප්ලවීය වෙනසක් පේන්න නෑ

විප්ලවීය වෙනසක් පේන්න නෑ

- සර්ව ජන බලය පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර

by sachintha
February 18, 2025 2:02 am 0 comment

සාම්ප්‍රදායික විපක්ෂයේ නියෝජිතයකු විදියට අය-වැය අධ්‍යයනයකින් තොරව කරුණු දැක්වීමට කැමති නැහැ. මේ අය-වැය මට අධ්‍යයනය කරන්න ඕන. බැලූ බැල්මට සම්ප්‍රදායික අය-වැයක්. විප්ලවීය අදහස් ගොඩක් සහිත අය-වැයක් තමයි මම නම් බලාපොරොත්තු වුණේ. නමුත් එවැනි දෙයක් මට දකින්න නැහැ. සමස්ත අය-වැය අධ්‍යයනයකින් පසුව වඩාත් හොඳ අදහසක් මේ අය-වැය ගැන දක්වන්න පුළුවන්. අපේ රට ඉදිරියට යාම දකින එක තමයි අපේ අපේක්ෂාව. පෞද්ගලික අංශයේ මිලියන තුනක් පමණ ඍජුව සේවයේ යෙදෙනවා.

මේ විශාල ජන කණ්ඩායමට වැටුප් වැඩි කිරීම රජයට තීරණය කරන්න නොහැකියි. පෞද්ගලික අංශය තමයි ඒ තීරණය ගන්නේ. ජනතාවගේ ජීවන බර පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම තමයි රජයට කළ හැක්කේ. ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති සමඟ බැඳුණු අය-වැයක් නොවන බව මට දැනෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT