Home » සියලු දේ හංගලා තමයි ඉදිරිපත් කර තිබෙන්නේ

සියලු දේ හංගලා තමයි ඉදිරිපත් කර තිබෙන්නේ

-සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන

by sachintha
February 18, 2025 2:01 am 0 comment

අය-වැයේ අලුත් දෙයක් නැහැ. බදු ඉලක්ක කරගෙන තමයි ආදායම් උත්පාදනය කරන්න සැලසුම් කරලා තිබෙන්නේ. අය-වැයෙන් ඉදිරිපත් කර තිබෙන සියලු දේ හංගලා තමයි ඉදිරිපත් කර තිබෙන්නේ. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීම රුපියල් 7500කින් වෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ. නමුත් වැඩි වෙන්නේ රුපියල් 5100 කින්. ඊට පස්සේ වසරින් වසර රුපියල් එක්දහස් ගණනක් බැඟින් වැඩි වෙන්නේ. තව විශේෂ දෙයක් අය-වැය කතාවේදී වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වුණාට පසුව පොලොන්නරුවට, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී හම්බන්තොටට කළා වගේ මේ ජනාධිපතිවරයාගේ කාලයේදී විශේෂ ස්ථානයක් ලෙස තඹුත්තේගම සලකා දුම්රිය නැවතුම්පොළක් ලබාදෙන බවට පොරොන්දු වුණා. ඒක හොඳයි. සංවර්ධන කාර්යයක්නේ. කුමක් වුවත් මෙය සහන නැති අය-වැයක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT