128
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා හදපු අය-වැයක් අනුර කුමාර ජනාධිපතිවරයා විසින් කියෙව්වා වගේ තමයි මට නම් හැඟුණේ. මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවලට බොහොම සමානයි මේ අය-වැය. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන් ජනාධිපතිවරණය වෙලාවේ ඉදිරිපත් කළ ප්‍රතිපත්තිවලට බොහොම අසමාන අය-වැයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මොනවා වුණත් හොඳක් වෙනවා නම් හොඳයි. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමේදී අපි බලාපොරොත්තු වුණේ මාස හයෙන් හයට වැඩි කරයි කියලා. එහෙමනේ පොරොන්දු වුණේ. දැන් බලනකොට අවුරුදු 03ට තුන්පාරකට වැඩිවෙන්න හදලා තියෙන්නේ. ඒකෙත් හොඳ දෙයක් මුකුත් දකින්න නැහැ.