රජයේ ඇමැතිවරු කියනවා අය-වැය හොඳයි කියලා. ඒක එහෙම වෙන්න ඕනේ. නමුත් අය-වැය මේ රටේ ජනතාවට හොඳයි ද කියලා බලන්න ඕනේ. ඇත්තටම මේ අය කිව්ව දේවල්, ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂක ලෙස ආණ්ඩු බලය ගන්න කිව්ව දේවල් වෙනස් වෙලා. මේ අය-වැයේ සමාජවාදී ගතියක් අපිට දකින්නට නැහැ. ඉස්සර තිබ්බ එකේම තවත් අදියරක් තමයි මේ තිබෙනනේ. රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවළට වඩා වෙනස් වැඩපිළිවෙළක් ගෙන යනවා කියලා මේ අය දිගින් දිගටම කිව්වා. නමුත් අය-වැයේදී එය දක්නට නැහැ. මේ කිව්ව දෙවල්වලිනුත් සියයට 10ක් 20ක් තමයි කෙරෙන්නේ. අන්තිමට සියයට 10ත් නැහැ. ඉතුරු වෙන දෙයකුත් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් නැහැ කිව්වා. නමුත් ආණ්ඩු පක්ෂයේ අයට වාහන ලැබිලා තිබෙනවානේ. ගෝල්ෆේස් එකේ වාහන ඒ අයට දීලා. නමුත් කියන්නෙ දෙන්නෙ නැහැ කියලා. දුන්න කියලා කියන්නේ නැහැ. පඩි ගන්නෙ නැහැ කිව්වා, පක්ෂ මූලස්ථානයට පඩි යනවා. පඩි ගන්නේ නැත්නම් මහා භාණ්ඩාගාරයට යවන්න ඕනේ.
සමාජවාදී ගතියක් පේන්නෙ නෑ
-සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
by sachintha
February 18, 2025 1:59 am
0 comment
120
කලින් පුවත
අවුරුදු 76 මොඩලය හොඳයි කියලා සනාථ කරලා
මීලඟ පුවත