Wednesday, March 26, 2025
Home » විජයභාහු නෞකාව දිවයිනට

විජයභාහු නෞකාව දිවයිනට

by chanaka
February 18, 2025 2:26 pm 0 comment

පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධාන කරනු ලැබූ අමාන් – 2025 (AMAN – 2025) බහුපාර්ශවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාව, එම අභ්‍යාසය සාර්ථකව නිමාකරමින් ඊයේ(17)කොළඹ වරායට පැමිණියේය.

එහිදී විජයභාහු නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

කළාපීය සහයෝගිතාවය, ස්ථාවරත්වය සහ අන්තර්ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සහ මුහුදු මංකොල්ලකෑම් ඇතුළු සමුද්‍රීය ත්‍රස්තවාදය සහ අපරාධ සඳහා සාමූහිකව ප්‍රථිචාර දැක්වීමේ අරමුණින් ‘අමාන්’ බහුපාර්ශවික අභ්‍යාසය පාකිස්ථානු නාවික හමුදාව විසින් 2007 වර්ෂයේදී ආරම්භකර ඇත. ඒ අනුව, 2025 වර්ෂයේ පෙබරවාරි මස 10 වැනි දින සිට 14 වැනි දින දක්වාපාකිස්ථානයේ කරච්චි අගනුවර සහ අරාබි මුහුද කේන්ද්‍ර කරගනිමින් පැවති අමාන් – 2025 බහු පාර්ශවික අභ්‍යාසය සඳහා රාජ්‍යයන් 11ක් නියෝජනය කරමින් යුද නෞකා 22ක්, සබ්මැරීන 02ක් මෙන්මගුවන් යානාද එක් විය.

AMAN – 2025 අභ්‍යාසය වරාය අදියර (Harbour phase) සහ මුහුදු අදියර (Sea phase) වශයෙන් අදියර දෙකක් යටතේ පැවති ඇති අතර, එහිදී සාගරික ආරක්‍ෂක අභ්‍යාස, මානුෂීය සහන සැලසීමේ අභ්‍යාස, මුහුදු මංකොල්ල සඳහා ප්‍රතිචාර දැක්වීමේ අභ්‍යාස, නෞකා සංග්‍රාමික පෙළහැඩයන් ඔස්සේ ගමන් කිරීම, වෙඩි තැබීමේඅභ්‍යාසඇතුළු නාවිකඅභ්‍යාස රැසක් සඳහා විජයභාහු නෞකාව සහභාගී විය.මුහුදු අදියරෙහි අවසානය සනිටුහන් කරමින් පැවති ජාත්‍යන්තර නෞකා දැක්මෙන් (International Fleet Review) අනතුරුව, නවවැනි අමාන් 2025 අභ්‍යාසය සාර්ථකව නිමාවට පත් විය.

2025 පෙබරවාරි මස 10 වන දින සිට 14 වන දින දක්වාපැවති AMAN – 2025 අභ්‍යාසයට සමඟාමීව පැවති AMAN Dialogue 2025 නාවික සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් තුෂාර කරුනාතුංග සහභාගී වූ අතර,රටවල් 58 ක් නියෝජනය කරමින් නාවික ප්‍රධානීන්, සමුද්‍රීය ක්ෂේත්‍රයේ විද්වතුන් සහ සමුද්‍රීය පාර්ශවකරුවන් ඒ සඳහා සහභාගී වූහ. අමාන් නාවික සමුළුවට සමඟාමීව රියර් අද්මිරාල් තුෂාර කරුනාතුංග සහ පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් නවීඩ් අෂ්රෆ් (Chief of the Naval Staff of Pakistan Navy Admiral Naveed Ashraf) අතර නිල හමුවක් ද පැවැත්විණි.පාකිස්ථානු නාවික හමුදාප්‍රධානී විසින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නොකාවේ නිරීක්ෂණ චාරිකාවාරයක ද නිරත වූඅතර, එහිදී විජයභාහු නෞකාවේ අණදෙන නිලධාරී සහ පාකිස්ථානු නාවික හමුදාප්‍රධානීඅතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

තවද මෙම අභ්‍යාසයට සමඟාමීව පැවති සංස්කෘතික හුවමාරු වැඩසටහන සඳහා නාවික හමුදා සංගීත අංශය මඟින් සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කෙරුණු අතර, එහිදී පැවැත්වුණු දේශීය ආහාර ප්‍රදර්ශනය සඳහාද විජයභාහු නෞකාව දායක විය. එමෙන්ම, අභ්‍යාසය සඳහා සහභාගී වූ නෞකාවන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය සහ තාක්ෂණික උපාංග නිරීක්ෂණය සඳහා නෞකා සංචාර වැඩසටහනක්ද පාකිස්ථානු නාවික හමුදාව විසින් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා සහභාගී වූ විජයභාහු නෞකාවේ කාර්යය මණ්ඩලය වෙත, කළාපීය හා කළාපීය නොවන නාවික හමුදාවන්ගේ හැකියාවන් සම්බන්ධ නව දැනුම සහ කුසලතා වැඩිදියුණු කරගැනීමටත් අත්දැකීම් හුවමාරු කරගැනීමටත් අවස්ථාව උදා විය.

කළාපීය හා කළාපීය නොවන විදෙස් නාවික හමුදාවන්රැසක් සහභාගී වූ මෙම බහුපාර්ශවික සාගරික අභ්‍යාස සඳහා සහභාගී වීම මගින්ශ්‍රී ලංකා නාවික හමුදාවට කළාපීය නාවික හමුදාවන් සමඟ අන්තර්ක්‍රියාකාරීත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, සාගරිකමෙහෙයුම් සම්බන්ධ නව දැනුම, ක්‍රමෝපායයන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීමට හැකිවීම වැනිප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT