Wednesday, March 26, 2025
Home » සති දෙකට වලවේ ගඟේ ජල මට්ටම පහළට

සති දෙකට වලවේ ගඟේ ජල මට්ටම පහළට

by yasara
February 18, 2025 12:27 pm 0 comment

වලවේ  ගඟේ  ජල  පෝෂක  ප්‍රදේශවලට  සති  දෙකක පමණ කාලයක සිට  පවතින   වැසි  රහිත කාලගුණය  හේතුවෙන් වලවේ ගඟේ  ජල  මට්ටම බලන්ගොඩ   ප්‍රදේශයෙන් සීඝ්‍රයෙන්  පහත  බැස  තිබෙයි.

වලවේ   ගඟ  පෝෂණය වන  බලන්ගොඩ වලේබොඩ ජල පෝෂක ප්‍රදේශයට  මේ දිනවල පවතින වියළි කාලගුණය හමුවේ  ජල උල්පත්  සහ  ඇළ දොළ සිදි  යැමට පටන් ගෙන  ඇත.

මේ හේතුවෙන් ඒවායින්   පෝෂණය  වන  වලවේ ගඟේ ජල  මට්ටම මෙලෙස අඩු  වි තිබෙයි.

කෙටි වියළි කාලගුණික තත්ත්වයක්  හේතුවෙන්  වලවේ ගඟේ ජල  මට්ටම මෙතරම් අඩු  විිම  මීට  පෙර  වියළි කාලගුණය පැවැති කාලවලදී දක්නට නොලැබුණ බව  ප්‍රදේශවාසීන් පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT