Home » හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

by chanaka
February 18, 2025 3:02 pm 0 comment

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබේ.

ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකරන ලෙස එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම තුළින් ” දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු වී තිබුණි.

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධි චෝදනා පත්‍ර අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා ඉදිරියේ භාර දෙනු ලැබීය.

ඉන් අනතුරුව විත්තිකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරිණ ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT