Home » රු.මිලියන 56ක කේරල ගංජා මුහුදේ පාවෙයි

රු.මිලියන 56ක කේරල ගංජා මුහුදේ පාවෙයි

by chanaka
February 18, 2025 11:50 am 0 comment

ශ්‍රී ලංකා නාවික හමුදාව ‍‍ඊයේ(17) යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ රුපියල් මිලියන 56 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 140 ග්‍රෑම් 40ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික වේළුසුමන ආයතනය මඟින් යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර හතරක් (04) නිරික්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කර තිබේ. එහිදී එම උර තුළ අසුරා තිබූ කේරල ගංජා කිලෝ 140 ග්‍රෑම් 40ක පමණ තොගයක් (තෙත බර සහිතව) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මෙම කේරල ගංජා තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරල ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන පනස් හයකට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් කේරල ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට කටයුතු කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

රක්ෂණ ශ්‍රියන්ත

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT