Monday, April 21, 2025
Home » රත් කළ කම්බි කූරකින් බිරිඳ පිළිස්සූ සැමියා සොයා පරීක්ෂණ

රත් කළ කම්බි කූරකින් බිරිඳ පිළිස්සූ සැමියා සොයා පරීක්ෂණ

by yasara
February 18, 2025 10:59 am 0 comment

රත් කළ කම්බි කූරකින් තම 28 හැවිරිදි  බිරිඳගේ ලිංගික ප්‍රදේශය ආශ්‍රිත කලවා ප්‍රදේශය පිළිස්සූ බව කියන 44 හැවිරිදි සැමියෙකු අත් අඩංගුවට ගැනීමට තෙබුවන පොලිසිය පරීක්ෂණ පවත්වයි .

ඉකුත් 14 වැනි දින බීමත්ව පැමිණි සැමියා ඇයව මෙසේ පුළුස්සා තිබුණද ඇය ඔහුට ඇති බය නිසා ඒ බව කිසිවෙකුටවත් පවසා නැත.

පසුව මේ බව දැන ගත් සැමියාගේ පියා ඊයේ  (17) 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දීමෙන් පසුව ළමා හා කාන්තා කාර්‍යාංශයේ උප පොලිස් පරීක්ෂක විජයරත්න මහත්මිය පැමිණ පරීක්ෂණ පවත්වා 1990 සුවසැරිය ගිලන් රථයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ .

සැකකරු ප්‍රදේශය අතහැර පළා ගොස් ඇතැයි පොලිසිය කියයි .

තෙබුවන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT