Home » නාමල්ට අධිචෝදනා – ඇපමත මුදා හැරේ

නාමල්ට අධිචෝදනා – ඇපමත මුදා හැරේ

by chanaka
February 18, 2025 10:59 am 0 comment

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවිය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණි.

අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ඇපමත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

කෙසේ නමුත් පූර්ව නඩු විභාගය සම්බන්ධ තීරණය සඳහා නඩුව මාර්තු 27 වන දිනට කල් තබා ඇති බවට තොරතුරු වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT