සාමාන්‍ය යෙන් අපි වෙළෙඳපොළට ගියාම වෙළෙඳසල්වල සහල් පුරවලා මිලත් දක්වලා අලෙවියට තිබෙනවා. ඒත්, අද වෙළෙඳපොළට ගියාම ඒ තත්ත්වය තිබෙනවාද? සාමාන්‍යයෙන් සහල් වෙළෙඳසල් හිමියන් එහි අවශ්‍යතාව මත දවස් 10කට පමණ අවශ්‍ය තරම් තොග පවත්වාගෙන යනවා. ඒත්, ඒවගේ තොග තබාගැනීම නැතිව ගිහින් දැනට මාස හතරක කාලයක් වෙනවා.
වැඩි වී අස්වැන්නක් ලැබෙන මහකන්නයේ අස්වනු නෙළීම දැන් අරඹා තිබේ. ගොවියාට සාධාරණ මිලක් ලබාදීම වෙනුවෙන්ම ඒ ඒ ප්‍රදේශවල වී අලෙවි
මණ්ඩලය සතු ගබඩා ද සූදානම්ය. රජය විසින් අවම මිල ද තීරණය කොට ඇත. අපේ මේ විමසා බැලීම වී මිල, ගොවියා හා පාරිභෝගිකයා සම්බන්ධවයි.
ජනාධිපතිතුමා විසින් ඊයේ අයවැය පළමු කියවීම තුළම විශේෂ කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය. ඒ අතරට, වී සහ සහල් නියාමනය කිරීමට වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට පියවර ගැනීම, 2024- 2025 මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5000ක් වෙන් කිරීම, පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 35000ක් වෙන් කිරීම සිදු කොට ඇත. කෙසේ වෙතත් රජය විසින් නියම කර ඇති අවම සහල් මිල වන්නේ, නාඩු සහල් රුපියල් 120, සම්බා රුපියල් 125, කීරි සම්බා රුපියල් 132 ලෙසටය. නමුත්, මේ අවම මිලට වැඩියෙන් රුපියල් 05ක මුදලකට මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් ද වී රැස්කිරීම දැන් අරඹා තිබේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රටේ මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4කි. එසේම එක් පුද්ගලයෙක් වසරකට සහල් කිලෝ 110ක් ආහාරයට ගන්නා බවට අනුමාන දත්ත ලෙසට සටහන්ව ඇත. මෙම ප්‍රමාණය සහල් මිල, තිරිඟු පිටි මිල මෙන්ම පාන් මිලට අනුව වෙනස් වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් සිය දත්ත විශ්ලේෂණයෙන් අනාවරණය කරයි.
2010 – 2023 වකවානුව සලකන විට මෙරට සහල් පරිභෝජනයෙන් 93.2% දේශීයව නිපදවා ඇත. ඉන් 1% (බාස්මතී) ආනයනය කර අත. දේශගුණික සහ ස්වාභාවික උවදුරු හේතුවෙන් ඇති වූ අස්වනු පහළ යාම නිසා සහල් අවශ්‍යතාවෙන් 25%කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇත.
මේ දිනවල අස්වනු නෙළන මහ කන්නය වෙනුවෙන් වගා කර ඇති මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 806,453කි. එය සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් 93%කි. මේ අතරින් ස්වාභාවික උවදුරු (ගංවතුර) නිසා ඉඩම් හෙක්ටයාර 79,115ක අස්වැන්න අහිමි වී ඇත. ඒ අනුව 2024 දෙසැම්බර් වන විට හානි නොවී ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර් 717,847කි. එම බිම් ප්‍රමාණයට අනුව ලැබීමට අපේක්ෂිත වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.56කි.
එය පසුගිය වසරේ ලද අස්වනු ප්‍රමාණයට බෙහෙවින් සමානය. මේ මහ කන්නයේ අස්වැන්න පමණි. ඉදිරියේදී නැවතත් මාර්තු, අප්‍රේල් වන විට යල කන්නයේ අස්වනු නෙළීම ද ආරම්භ වේ. ඒ අනුව කන්න දෙකෙහිම එකතුවෙන් වාර්ෂික සහල් අවශ්‍යතාවෙන් 75%ක් පමණ කෘෂිකර්මාන්තයෙන් පිරිමසා ගත හැකි වේ. මෙහිදී සත්ත්ව ආහාර මෙන්ම සහල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන සඳහාත් සහල් යම් ප්‍රමාණයක් වැය වේ.
ඉතිරි පරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් සහල් ආනයනය කිරීම එකම පිළියමයි. පසුගිය වසරේ දෙසැම්බර් වන විට ආනයනය කොට ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 67,000කි. මෙම ආනයනය ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකාව රුපියල් බිලියන 4.3ක බදු මුදලක් උපයා ගැනීමට සමත්වී තිබේ. එසේ බදු අය කිරීමෙන් අනතුරුව රජයෙන් පනවා ඇති උපරිම මිලට අඩුවෙන් ආනයනික සහල් විකිණීමට හැකි වී තිබේ. ඊට හේතුව මෙරට වී වගාව සඳහා වන වියදම ඉහළ අගයක පැවතීමයි.
මෙරට සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය සඳහා වැයවන සාමාන්‍ය මිල රුපියල් 65ක් ලෙස ගණනය කර ඇත. ඒ අනුව ටොන් 1ක් සඳහා රුපියල් 65,000කි. (ඩොලර් වලින් නම් 220කි). නමුත් ලෝක වෙළෙඳපොළට සහල් අපනයනය කරන ඉන්දියාව, චිනය, වියට්නාමය වැනි රටවල් සහල් කිලෝවක් සඳහා වන නිෂ්පාදන මිල මින් අඩකි. මේ රටවල කෘෂිකාර්මික ඵලදායිතාව වඩා ඉහළ අගයක පැවතීම ඊට හේතුවයි.
ලෝක ජනගහනයෙන් වැඩි පිරිසකගේ ප්‍රධාන ආහාරය බත්ය. 2023/2024 FAS/FAS PSAD දත්ත අනුව ලෝක සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 520කි. මේ ප්‍රමාණයෙන් 51%ක් පරිභෝජනය කරන්නේ ඉන්දියාව හා චීනයයි. ආහාර සුරක්ෂිතතාව සලකා චීනය තාක්ෂණය 100% භාවිතයෙන් අස්වැන්න ඉහළ නංවා ඇති අතර, ඉන්දියාව උපරිම අයුරින් සහනාධාර ලබාදී අස්වැන්න ඉහළ මට්ටමකට ගෙන තිබේ. ලෝක සහල් වෙළෙඳපොළෙහි ඉන්දියාව ප්‍රමුඛ භුමිකාවක් දරයි.
රජය විසින් පාරිභෝගිකයාට අසාධාරණයක් නොවීම සඳහා සහල් වෙනුවෙන් උපරිම මිලක් නියම කිරීමේ ක්‍රියාවලිය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, හා වෙෙළඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වී අලෙවි මණ්ඩලය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය මෙන්ම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත උපයෝගී වී තිබේ.
ලැබුණු පොහොර සහනාධාරය වැඩියි / ප්‍රසන්න විජේසිංහ – ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ,හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය
“වී මිල නියම කිරීමේදී නිෂ්පාදන පිරිවැයට ලාභය ලෙස 30%ක මුදලක් කළ යුතුය යන මූලික නිර්නායකයට අනුවයි අපි කටයුතු කළේ. එසේම මේ මහ කන්නයේ වුණත් තෙත් කලාපය, අතරමැදි කලාපය මෙන්ම වියළි කලාපයේ ගොවීන්ට ලැබෙන අස්වැන්න වෙනස්, ඔවුන් වගා කරන වී ප්‍රභේද අනුව වෙනස් වෙනවා. ඒ වගේම භාවිතා කරන යෙදවුම් ද වෙනස්. මේ මූලික කරුණු මෙන්ම බිම් සැකසීම, නියර බැඳීම, බීජ සඳහා පිරිවැය, ජලය, පොහොර, තෙල් ආදී සෑම යෙදවුමක් පිළිබඳවත් ශ්‍රමදායකත්වය ආදී සෑම අංශයක් පිළිබඳව සැලකිළිමත් වෙමින් තමයි වී මිල නියම කළේ. ගොවියන්ට පසුගිය වසරට වඩා ලැබුණු පොහොර සහනාධාරය වැඩියි. ඩීසල් මිල පසුගිය වසරට වඩා අඩුයි. ඒ නිසා බිම් සැකසීමේදී මෙන්ම අස්වනු නෙළීමේදී ගෙවිය යුතු ගාස්තු අඩු වුණා. මේ සියල්ල නිසා සහතික මිලට වී ලබාදීම ගොවියාට වාසියි.”
රජයේ සහතික මිලට වී ගන්න අපි ලෑස්තියි / නිමල් ඒකනායක-ප්‍රාදේශීය කළමනාකරු-වී අලෙවි මණ්ඩලය
“පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තවමත් නිසි අයුරින් වී අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ වී නැහැ. ගොවීන්ගේ වී අස්වනු රජයේ සහතික මිලට මිලදී ගැනීමට ඕනෑම වෙලාවක සූදානම්. වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 38ක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙනවා. ඉන් ගබඩා 12ක් දැනටමත් වී මිලදි ගැනීමට විවෘතයි. පොලොන්නරුවේ ගොවීන්ගෙන් රජය වී මෙට්‍රික් ටොන් 40,000ක් ගන්න රජය මුදල් වෙන්කරලා තියෙනවා.”
ආණ්ඩුව සහල් ප්‍රශ්නයෙන් ඈත්වෙන්න / කුසුමිත් මුදිත් පෙරේරා – සභාපති – එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය
“රජය සහතික වී මිල රුපියල් 120ක් වුවත් අද වෙළෙඳපොළේ වී මිල රුපියල් 135ක් වෙනවා. මේ නිසා ගොවියන්ට අඩු මුදලට වී ලබාදෙන්නට අවශ්‍යතාවක් ඇති වන්නේ නැහැ. අදත් වී මිල රුපියල් 2කින් වැඩි වූවා. තවදුරටත් වෙළෙඳපොළේ ලොකු හිඟයක් තිබෙනවා. සාමාන්‍යයෙන් අපි වෙළෙඳපොළට ගියාම වෙළෙඳසල්වල සහල් පුරවලා මිලත් දක්වලා අලෙවියට තිබෙනවා. ඒත්, අද වෙළෙඳපොළට ගියාම ඒ තත්ත්වය තිබෙනවාද? සාමාන්‍යයෙන් සහල් වෙළෙඳසල් හිමියන් එහි අවශ්‍යතාව මත දවස් 10කට පමණ අවශ්‍ය තරම් තොග පවත්වාගෙන යනවා. ඒත්, ඒවගේ තොග තබාගැනීම නැතිව ගිහින් දැනට මාස හතරක කාලයක් වෙනවා. එම අතරික්ත තොගය පිරෙන තුරු සහල්වලට විශාල පාරිභෝගික ඉල්ලුමක් තිබෙනවා. ඒ තත්ත්වය තිබියදී වී මිල පහළ බසින්නේ නැහැ. ඒ නිසා කවදාවත් ආණ්ඩුවට රුපියල් 120ට වී දෙන්න ගොවීන් පෙළෙඹෙන්නේ නැහැ.
ආණ්ඩුව වී අලෙවි මණ්ඩලය හරහා උපරිම වී මිලක් ලබාදීම කළ යුතුයි. ඒත් පසුගිය දෙසැම්බරයේ සහල් සඳහා ගහපු උපරිම විකුණුම් මිල ගැසට්ටුව සහ වී සඳහා උපරිම මිලයි එකිනෙක තැළි වෙන්නේ නැහැ. සරලව කියනවා නම් රුපියල් 120ට වී මිලදී ගෙන රුපියල් 230ට සහල් දෙන්න විදියක් නැහැ. අඩුම වශයෙන් රුපියල් 240ක සහල් විකුණුම් මිලක් ලබාදිය යුතුයි. ඒක පළමුවන ගැටලුවයි. දෙවැනි ගැටලුව ආණ්ඩුවේ වී මිලයි, ගොවියෝ රුපියල් 135කට විකිණීම නිසා වෙළෙඳපොළේ වී මිලද සමාපාත වන්නේ නැහැ. මේක ලොකු විකෘතියක්. මේ විකෘතියට ආණ්ඩුවත්, වීමෝල් හිමියනුත් සහ ගොවියොත් වගකිව යුතුයි. ඒ සෑම පාර්ශ්වයක්ම වගකිව යුතුයි. මේකට හොඳම පියවර ලෙස ආණ්ඩුව මේ වී සම්බන්ධයෙන් කරන මැදිහත්වීමෙන් ඉවත් විය යුතුයි. එතකොට ඉල්ලුම හා සැපයුම මත වෙළෙඳපොළ තරගය ඇතිවෙලා සහල් මිල ස්ථාවර තත්ත්වයකට එනවා.”
ප්‍රමිතියක් ඇති සහල් පාරිභෝජනය කරන්න කවුරුත් පෙලඹිලා / ටී.බී. සරත් – නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
“රජය රුපියල් 120ක සහතික මිලක්, වී කිලෝවකට දීලා තියෙනවා. අපේ රජය වී කිලෝවක නිෂ්පාදන මිල රුපියල් 13කින් අඩු කරලා තියෙනවා. වී කිලෝවක් නිෂ්පාදන වියදම තිබුණේ රුපියල් 100යි. අපේ රජය ඒක 87 දක්වා අඩු කළා. ඒ වගේම අපි වී කිලෝවක රුපියල් 105ට තිබුණ සහතික මිල රුපියල් 120 දක්වා වැඩි කළා. හැබැයි දැන් විවිධ පුද්ගලයන් විවිධ සංවිධාන ප්‍රකාශ කරන්න පටන් අරන් තිෙයනවා. සහතික මිල රුපියල් 140ක් කරන්න කියලා. මේ රටේ ප්‍රබලම සහල් ව්‍යාපාරිකයා ඩඩ්ලි සිරිසේන මහතත් ප්‍රකාශ කර තිබෙනවා රුපියල් 140 කරන්න කියලා. අපි අහනවා එහෙම වුණොත් මේ රටේ සහල් පාරිභෝගිකයා සහල් කන්නේ කීයටද කියලා. එකසිය හතළිහ නෙමෙයි දෙසීය කරන්නත් පුළුවන්. හැබැයි ඒ අය සහල්වලටත් මිලක් ඉල්ලනවා. වී කිලෝවකට අපි මේ මිල කියලා තියෙන්නෙ නිෂ්පාදකයයි, වී ගොවියයි, සහල් පාරිභෝගිකයයි ගැන හිතලා. අපේ රටේ ගොවි ජනතාවත් දැන් පෙලඹිලා ඉන්නවා ප්‍රමිතියෙන් යුතු සහල් පාරිභෝජනය කරන්න. ඒ නිසා මේ රටේ භාණ්ඩයක මිල තීරණය විය යුත්තේ රටේ පුරවැසියාට මිලදී ගැනීමට පවතින හැකියාව මතයි. අපි ගොවි ජනතාවට ලාභ අරන් දිය යුතු වන්නේ ගොවිජනතාවට වී කිලෝවට යන නිෂ්පාදන වියදම අඩු කරලා. නිෂ්පාදනයේ පලදා වැඩි කරලයි.”
කෘෂි උපකරණවල තීරු බදු ඉවත් කරන්න / රත්ගම සමිත හිමි – සභාපති, දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් – නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානය
“රජය ලබා දී ඇති සහතික මිලට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීම කළහොත් ඒ වෙනුවෙන් සහල් මිල ද පාරිභෝගික ජනතාවට දරා ගත නොහැකි ලෙස ඉහළ යනවා.
ඉතා ඉහළ මිල ගණන් යටතේ පවතින මෙරටට ආනයනය කරන කෘෂි උපකරණවල තීරු බදු ඉවත්කිරීමට කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලනවා. එයින් යන්ත්‍ර සූත්‍ර යොදන වියදම අඩු කරගෙන ගොවියාට ලාභ ගන්න පුළුවන්. ඉහළ අස්වැන්නක් ගැනීමට අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණයත් ගොවියාට ලබා දෙන්න.”
වී මිල සංශෝධනය කරන්න / සුනිල් රාජපක්ෂ, සභාපති – ගොවිජන එකමුතුව – අනුරාධපුර
“තවමත් වී මිල සංශෝධනය කර ප්‍රකාශ කිරීමට කල් ඇති. මේක වහාම සිදු නොකොළොත් ගොවි අරගලයක් එන එක කිසිදු ජගතෙකුට නවත්වන්න බෑ.
නැවත ජනාධිපතිවරයාට සිදුවන්නේ මහපරිමාණ වී මෝල් හිමියන් ගෙනැල්ලා සහල් මිල ජනතාවට දෙන්න පුළුවන් කීයට ද කියන දේ අහන්න වෙන දවසත් වැඩි ඈතක නෑ.”
මේ මිල අපිට ලාභයක් ලබන්න ප්‍රමාණවත් නෑ / යූ. එම්. සිරිපාල ගොවි මහතා – දිඹුලාගල සොරුවිල
“අපි අක්කර දෙක හමාරක කුඹුරක් වී වගා කරනවා. වැඩ කුලී, පොහොර, තෙල්, වියදම්, සී සාන්න වගේම බිත්තර වී වලට යනාදියට රුපියල් ලක්ෂ හතරක්, හතරහමාරක් යනවා. සාමාන්‍යයෙන් අක්කර දෙකහමාරකින් අපි වී කිලෝ 5000ක් ලබා ගත්තොත්, වී කිලෝවක් රුපියල් සීයකට දුන්නොත් රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා තමයි අපි වී කිලෝවකට ආණ්ඩුවෙන් රුපියල් 140ක සහතික මිලක් ඉල්ලන්නේ. ඉතින් අපි ණය තුරුස් ගෙවා ගන්න ඒ මිලට වී ටික දුන්නට පස්සේ අතින් පාඩු සිද්ධ වෙනවා. රජය නාඩු වී කිලෝවකට 120 කුත්, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125 කුත්, කීරි සම්බා කිලෝවකට රුපියල් 132 මිලකුත් නියම කරලා තිබෙනවා. රජය මැදිහත්ව මේ වගේ සාධාරණ මිලක් නියම කිරීම ගැන සතුටුයි. නමුත් මේ මිල අපිට ලාභයක් ලබන්න ප්‍රමාණවත් නෑ. අපි ඉල්ලීමක් කරනවා අඩුම තරමේ වී කිලෝවක් 140 කටවත් ගන්න කියලා. එහෙම නොවුණොත් පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් අපේ වී ටික ඉතා ඉක්මනින් තුට්ටු දෙකට ගන්න බලාන ඉන්නවා.”
අපේ අස්වනු ගන්නේ තුට්ටු දෙකට / ධර්මපාල ගොවි මහතා – මහවැලි බි කලාපය
“මහවැලි බි කලාපයේ ගොවීන් විසිපන්දහකට වැඩි ප්‍රමාණයක් අක්කර හැටපන්දහක් පමණ යල, මහ දෙකන්නයේ වී වගා කරනවා. තව දවස් දහයකින් පහළොවකින් මහකන්නේ වී අස්වනු නෙළන්න පුවවන්. ඇතැම් ප්‍රදේශවල වී අස්වනු නෙළන්න පටන් අරන්. ගබඩා සුද්ද පවිත්‍ර කරලා රජය විසින් වී මිලදී ගැනීමට සූදානම් වීම ඉතා හොඳයි. නමුත් පොලොන්නරුවේ වෙෙළඳුන් අපේ වී අස්වනු හැමදාමත් තුට්ටු දෙකට ගන්නවා. “නිසා ඉතා ඉක්මනින් රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන්න. පෞද්ගලික වෙෙළඳුන් ගන්න ඉස්සර වෙලා රජයේ සහතිකවලට අපේ වී ටික ලබාගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ සහතික මිල තව ටිකක් වැඩි කරනවා නම් හොඳයි. මොකද හේතුව මේ පාර අපේ කුඹුරු ගංවතුරට යට වුණා. පූදින වයසේ ගොයම් යට වුණාට පස්සේ අස්වැන්නක් ලැබෙනකම් අපිට කියන්න බෑ. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන වී කිලෝවකට රුපියල් 140ක සහතික මිලක්වත් නියම කරන්න.”
මහාපරිමාණ මෝල් හිමියකු වන ඩඩ්ලි සිරිසේන මහතා සම්බන්ධ කර ගතිමු. ගැටලුව ඉදිරිපත් කළ විට ඔහු දුරකතනය විසන්ධි කළේය. නමුත් පොලොන්නරුවෙන් හා අවට ප්‍රදේශවලින් ලැබෙන තොරතුරුවලින් අනාවරණය වෙන්නේ, රජයේ අවම මිල ඉක්මවා ඇතැම් ප්‍රදේශවල වී මිලදී ගන්නා බවයි. ආර්ථික විද්‍යාත්මකව කිසියම් නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා අවම මිලක් තීරණය වෙන්නේ එම මිලට පහළින් අදාළ නිෂ්පාදනය හෝ සේවාවට මිලක් නියම වීමෙන් නිෂ්පාදකයාට සිදුවන අසාධාරණය නැවතීමයි. අවම මිලක් ඇති විට ඊට වැඩි මිලකට එම භාණ්ඩයට මිලක් නියම වීම කිසිසේත් වරදක් නොවේ. මෙම අවස්ථාවේ සිදුවෙන්නේ සැපයුම ඉහළ යාම නිසා ඉල්ලුම අඩුවී මිල පහළ යාමට ඇති අවධානමින් නිෂ්පාදකයා ආරක්ෂා වීමයි. දෙවැනි කාරණය මේ වන විටත් වී මිලදී ගැනීම සඳහා රජය විසින් බිලියන 05ක මුදලක් වෙන් කොට වී ගබඩා සූදානම් කර තිබීම නිසා කෘත්‍රිමව හෝ වෙළෙඳපොළ න්‍යායන්ට අනුව ඉල්ලුම පහළ යාමේදී මිල වැඩිවීම හෝ ඉල්ලුම අඩුවීම නිසා මිලත් පහත වැටීම යන නිදහස් වෙළෙඳපොළ සිද්ධාන්තයන් ක්‍රියාත්මක වීමේ ස්වරූපය වෙනස් වීමයි. ඊට හේතුව මෝල් හිමියන් ලබාදෙන වැඩි මිල කෙටි කලක් පැවතියත්, ඒ කෙටි කාලයෙන් පසුව වී මිල ආණ්ඩුවෙන් නියම කළ සහතික මිලෙහි ස්ථාවර වනු ඇති බවයි.වී මිල රජයේ සහතික මිල සමඟ සමපාතවීම වැදගත් වෙන්නේ එය සහල් මිල හා බද්ධ වී පැවතීමයි. ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව පළමු කරුණයි. සාධාරණ මිලකට සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකි විය යුත්තේ සහල් නිෂ්පාදනයට ඔහුද තම බදු මුදලින් දායක වන බැවිනි. මේ කාර්යයන් දෙකම සහල් කර්මාන්තයේ පැවැත්මට එකසේ අදාළය.
බුද්ධිකා බ්‍රාහ්මණගේ, ඉරෝෂා දීපානි
සිරිපුර මදුශානි අබේසිංහ, අමිල ප්‍රභාත් වනසිංහ.