Home » පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී මාර්ගෝපදේශ මාලාවක්

පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී මාර්ගෝපදේශ මාලාවක්

by chanaka
February 18, 2025 3:08 pm 0 comment

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයට පාසල් සිසුන් නිරාවරණය නොවිය යුතු බැවින් අධික හිරු එළියේදී දරුවන් එළිමහන් ස්ථානවලට නොයවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැට මහතා පවසයි.

එමෙන්ම මේ දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අමාත්‍යංශය විසින් නිකුත් කරන බව ඔහු සදහන් කළේය.

ඒ මහතා පවසන්නේ චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ඒ පිළිබඳව උපදෙස් ලබා ගන්නා බවයි.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරඟ පැවැත්වෙන කාලය අඩු කිරීමට සිදුවන බවද නාලක කළුවැට මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ත මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

රත්නපුර හා ඇඹිලිපිටිය යන නගරවල සුළු වශයෙන් අහිතකර මට්ටමක ද පැවතිය හැකි යැයි බලාපොරොත්තු වන බවත් මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ඉල්ලා සිටින බවත් එම සංවිධානය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT