Monday, April 21, 2025
Home » සමෘද්ධි රන් විමනෙන් අසරණ පවුලකට නව නි‍ෙවසක්

සමෘද්ධි රන් විමනෙන් අසරණ පවුලකට නව නි‍ෙවසක්

by sachintha
February 17, 2025 1:36 am 0 comment

පදිංචියට ස්ථිර නි‍ෙවසක් නොමැතිව සිටි වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්පොත වසමේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් “සමෘද්ධි රන් විමන” නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද නව නි‍ෙවසක් ප්‍රතිලාභීන් වෙත භාරදීම ඉකුත්දා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් සුනෙත් ජිනේන්ද්‍රසේන මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම නි‍ෙවස ඉදිකිරීම සඳහා වැය කර තිබූ මුදල රුපියල් හත්ලක්ෂ පනස් දහසකි.

මෙම නි‍ෙවසේ ගෘහ මූලිකයා ගසකින් වැටීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව ඇති අතර දරුවන් තිදෙනා හා ඔහුගේ බිරිය සමඟ කුඩාවට සකසා ගත් ටකරන් මඩුවක ජීවත්ව සිට ඇත. ආර්ථික අපහසුතා හේතුවෙන් ස්ථිර නි‍ෙවසක් සාදා ගැනීමට නොහැකිව තිබුණු පසුබිමකදී මෙම පවුල සඳහා ස්ථිර නි‍ෙවසක් ඉදිකරදීමට, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් සුනෙත් ජිනේන්ද්‍රසේන මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය කටයුතු කර තිබේ.

පවුලේ සාමාජිකයින් වෙත මෙම නිවෙස නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට වැලිමඩ මූලස්ථාන සමෘද්ධි කළමනාකරු නිරෝෂන් ආනන්ද, සමිති කළමනාකරු ඒ.එම්.එස්. අධිකාරි, සමාජ සංවර්ධන සහකාර ප්‍රියන්ත පුෂ්ප කුමාර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT