Home » පොලොන්නරුවේ වෙළෙඳසලක් ගිනිගනී

පොලොන්නරුවේ වෙළෙඳසලක් ගිනිගනී

by sachintha
February 17, 2025 1:35 am 0 comment

පොලොන්නරුව කදුරුවෙල නගරයේ පිහිටි තෙමහල් රෙදිපිළි වෙළෙඳසලක පෙරේදා (15) රාත්‍රී 11.30ට පමණ හටගත් ගින්නක් නිසා රෙදිපිළි හා බඩු භාණ්ඩ රාශියක් ගින්නෙන් විනාශ වී ඇතැයි පොලොන්නරුව පොලීසිය පවසයි.

පොලොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ගුවන් හමුදා ගිනි නිවන ඒකක පැමිණ ගින්න නිවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබිණි. ගිනි ගැනීම නිසා වෙළෙඳසලේ මහල් තුනම ගිනිගෙන ඇතැයි පොලීසිය පවසයි. ගින්න හටගන්නා අවස්ථාවේ වෙළෙඳසල වසා තිබී ඇති අතර වෙළෙඳසලේ ආරක්ෂක නිලධාරියෙකු සිට ඇති බව පොලීසිය පවසයි. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලොන්නරුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මින්නේරිය – සුසිල් – කරුණාතිලක

පොලොන්නරුව – එම්.පී. සරත්

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT