Home » ‘එක මිටට ගොවි බිමට’ මැදගංගොඩ වෙල්යාය අස්වැද්දීම අරඹයි

‘එක මිටට ගොවි බිමට’ මැදගංගොඩ වෙල්යාය අස්වැද්දීම අරඹයි

by sachintha
February 17, 2025 1:30 am 0 comment

වගා නොකළ ඉඩම් කාර්යක්ෂමව වගා කිරීමේ “එක මිටට ගොවි බිමට “ ජාතික වැඩසටහනට සමගාමීව රත්නපුර, ගොඩකවෙල ගොවිජන සේවා බලප්‍රදේශයේ සමාරම්භක උත්සවය වැවිලි ප්‍රජා වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් රක්වාන මැදගංගොඩ වෙල්යායේ දී පෙරේදා (15) පැවැත්විණි.

මෙහිදී අමාත්‍යවරයා ගොවීන් සමඟ එක්ව පුරන්ව පවතින වෙල්යාය අස්වැද්දීමේ කටයුතු ආරම්භ කෙරිණි. මෙහිදී මෙම වැඩසටහනට සමගාමීව රත්නපුර ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් සුපුන් සඳරුවන් මහතා ඇතුළු කෘෂි නිලධාරීන් ගෙයින් ගෙට ගොස් ගොවීන් දැනුම්වත් කිරීම ද සිදු කෙරිණි. මෙම වැඩසටහන ගොඩකවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබිණි.

මේ අවස්ථාවට උභයතිලකාරාම විහාරවාසි බෙලිඅත්තේ රතන හිමි, රත්නපුර ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් සුපුන් සඳරුවන් මහතා, ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් අචිනි ප්‍රතිභා මහත්මිය, රක්වාන පොලිස් ස්ථානාධිපති අනුර සෝමසිරි මහතා, ගොඩකවෙල ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී එම්.ඒ. සුනිල් මහතා, ගොඩකවෙල සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ ‘සිතමු’ කාන්තා ගොවි සංවිධාන සමිති සාමාජිකාවන්, මැදගංගොඩ වෙල්යායේ ගොවීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

රක්වාන – ඉන්දික සී. කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT