Home » උණගොල්ල දෙමළ විදුහලට පානීය ජලය

උණගොල්ල දෙමළ විදුහලට පානීය ජලය

by sachintha
February 17, 2025 1:29 am 0 comment

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න හාලිඇළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බ/උණගොල්ල දෙමළ විදුහලේ සිසු සිසුවියන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරුණු පානීය ජල යෝජනා ක්‍රමයක් සිසු අයිතියට පත්කිරීම බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා සහ foundation of fondness ආයතනයේ අධ්‍යක්ෂ ශීමාල් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක ‘අරුණෝදය’ වැඩසටහන යටතේ වතු පාසල්වල යටිතල පහසුකම් නංවාලීමේ අරමුණින් ඉදිකෙරුණු මෙම ව්‍යාපෘතිය අතිරේක දිස්ත්‍රික් ලේකම් නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මියගේ උපදෙස් මත හාලිඇළ ප්‍රාදේශීය ලේකම් චමින්ද වීරසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ foundation of fondness ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය වැවිලි ප්‍රජා නිලධාරි ඉෂාමා මහත්මියගේ මැදිහත්වීම මත ක්‍රියාත්මක කෙරිණ.

මෙම අවස්ථාවට හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරී එල්.ඒ.එච්. රුවන්වැල්ල, මැදපිටිගම ග්‍රාම නිලධාරි කැලුම් බණ්ඩාර, බදුල්ල දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක හේමන්ත මංගල යන මහත්වරුන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැවිලි ප්‍රජා නිලධාරීන්, විද්‍යාලයීය විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය හා දරුවන්ගේ මවුපියන් පිරිසක්ද සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT