Home » චෙම්මනි සමූහ මිනී වළ අසලින් යළිත් මිනිස් අස්ථි කොටස් මතුවෙයි

චෙම්මනි සමූහ මිනී වළ අසලින් යළිත් මිනිස් අස්ථි කොටස් මතුවෙයි

by sachintha
February 17, 2025 1:28 am 0 comment

1995 වසරේදි මහත් ආන්දෝලනයකට ලක් වූ චෙම්මනි සමූහ මිනී වළ අසලින් යළිත් වරක් පෙරේදා (15) මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වී තිබේ.

මෙම චෙම්මනි සමූහ මිනී වළ ආසන්නයේම සුසාන භූමියක් අති අතර එම සුසාන භූමිය සඳහා අලුතින් ආදාහනාගාරයක් ඉදිකිරීමට අත්තිවාරම් කැපීමේදී මිනිස් ඇටසැකිලි හමු වී තිබේ.

මේ හේතුව නිසා ආදාහනාගාරය ඉදිකිරීමේ කටයුතු නතර කළ නල්ලූර් ප්‍රාදේශීය සභාව මේ පිළිබඳව කෝපායී පොලීසියට දැනුම් දී තිබේ.

පොලීසිය එම ස්ථානයට පැමිණ එය ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කොට සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.

යාපනය අධිකරණය මේ සම්බන්ධයෙන් අද (17) තීන්දුවක් ලබා දීමට නියමිතය.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයකම මන්ත්‍රීවරු අලුතින් මිනිස් අස්ථි කොටස් හමුවුණු ස්ථානය නිරීක්ෂණයට ලක් කොට තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT