Home » මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ අඹුසැමි යුවළක් කොටු

මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ අඹුසැමි යුවළක් කොටු

by sachintha
February 17, 2025 1:22 am 0 comment

මාතලේ – නාඋල – කරවිලහේන ප්‍රදේශයේ දී නිවෙසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා එහි තිබූ ගෝඩා මිලිලීටර් ලක්ෂ අටක් (බැරල් 04ක්) සහ කසිප්පු මිලිලීටර් 7500ක් සිය භාරයට ගෙන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගවට ගත් බව නාඋල පොලීසිය පවසයි.

නාඋල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් පරිදි පෙරේදා (15) උදෑසන මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම වැටලීමේ දී පෙරීමට භාවිත කළ ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩරයක්, තඹ දඟරයක්, පෙරීමට භාවිත කළ බැරලයක් හා රබර් බට ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් යුවළ අඹුසැමියන් බවත් සැමියා මාවනැල්ල ප්‍රදේශයේ හා බිරිය නාඋල, හාඩුව ප්‍රදේශයේ බවත් පොලීසිය පවසයි.

කුලී පදනම යටතේ කරවිලහේන ප්‍රදේශයෙන් ලබාගත් නිවෙසක සැකකරුවන් නැවතී මෙම මහා පරිමාණ කසිප්පු ජාවාරම සිදුකර ඇති බව ද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා පෙරීමට භාවිත කළ උපකරණ ඇතුළු නඩු භාණ්ඩ නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නාඋල සමුහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT