Home » වැලන්ටයින් දා වයස 50 ඉක්මවූ යුවළ 50කට උපහාර

වැලන්ටයින් දා වයස 50 ඉක්මවූ යුවළ 50කට උපහාර

by sachintha
February 17, 2025 1:21 am 0 comment

වැලන්ටයින් දිනය නිමිත්තෙන් කොලොන්නාව කොට්ඨාසයේ වයස අවුරුදු 50 ඉක්මවූ විවාහක ජෝඩු 50කට ආසන්න පිරිසකට ඇරයුම් කොට එම පිරිසට රසවත් ආහාර පාන සහ තෑගි භෝගවලින් ද සංග්‍රහ කොට උපහාර දැක්වීමේ වැඩසටහනක් කැලිණිමුල්ල නයගරා හෝටලයේදී පැවැත්විණි.

ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය චාමලී මදුරිකා දිල්රුක්ෂි මහත්මියගේ සංකල්පයකට අනුව මෙම උළෙල සංවිධානය කොට තිබුණි. අනතුරුව අඹු සැමියන් පේළි දෙකකට සිට ස්වාමි පුරුෂයන් විසින් සිය බිරින්දෑවරුන්ට රතු රෝස මල බැගින් පිළිගන්වන ලද අතර, බිරින්දෑවරු තම සැමියන්ගේ ගෙලෙහි සිහිවටන පදක්කම් පැළඳ වූහ.

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT