Monday, April 21, 2025
Home » ලක්ෂ 16 1/2ක කොකේන් – අයිස් එක්ක ජාවාරමා කොටු

ලක්ෂ 16 1/2ක කොකේන් – අයිස් එක්ක ජාවාරමා කොටු

by sachintha
February 17, 2025 1:19 am 0 comment

රුපියල් ලක්ෂ 16කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය හා රුපියල් පනස්දහසකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථයක් සමඟ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙසෙල්වත්තේ ඉර්ෆාන් නමැත්තා ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා (14) කොළඹ, පිටකොටුව, දෙවැනි හරස් විදීයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම අවස්ථාවේ මොහු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 44යි මිලිග්‍රෑම් 600ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 800ක්, මත්ද්‍රව්‍ය කිරන කුඩා විදුලි තරාදියක්, ජංගම දුරකතනයක්, උල් පිහියක් හා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයා ගත් රුපියල් අටදහසක මුදලක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගැනිණි. මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ත්‍රිරෝද රථයෙන් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සිට යමින් සිටින බවට ලද තොරතුරක් මත ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සිටම ලුහුබැඳ ගොස් පිටකොටුවේ දෙවැනි හරස් විදීයේදී මාර්ගය අවහිර කොට මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි තිස්හය හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මල්වාන සමූහ – මහානාම විතානගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT