කාලයක පටන් ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු මඟින් මුදල් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලීසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කලුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි. පානදුර, වාද්දුව සහ ඒ අවට ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු ඉදිරිපත් කර ගනුදෙනු කරන බවට ලද තොරතුරක් මත රාත්‍රී පින්වත්ත ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධකයක් යොදා යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 5ක් සොයාගෙන ඇති අතර, ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා කාර්යබහුල වේලාවන්වලදී වෙළෙඳසල් සහ ආපනශාලා වෙත ගොස් ආහාර හා වෙනත් ද්‍රව්‍ය ලබාගෙන මෙම හොර නෝට්ටුවලින් ගනුදෙනු කොට පලායන බවට ලද තොරතුරුවලට අනුව වැටලීම කර තිබිණි. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිලධාරීහු වැටලීමට එක්ව සිටියහ.
පානදුර සංචාරක – සුමිත් ප්‍රේමතිලක