පොහොය දින (12) හපුතලේ, ඇල්ල යන සංචාරක කලාපවල හා කෑගල්ල, මාවනැල්ල යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් 15 දෙනෙකු මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සෝදිසි මෙහෙයුමේදී කෑගල්ල හා මාවනැල්ල ප්‍රදේශයෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර දෙකක්ද කොටු කර ගැනීමට සමත් වූ බව මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සරත් ජයවීර මහතා පවසයි.
මෙහිදී සීමාව ඉක්මවා රජයේ අරක්කු ළඟ තබා ගත් පුද්ගලයකුද සෝදිසි මෙහෙයුමේදි කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත් වූ අතර ඇල්ල සංචාරක කලාපයේ බලපත්‍ර නොමැතිව වැඩි මිලට බියර් අලෙවි කළ සැකකරුවන් 13 දෙනෙකුද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බව සරත් ජයවීර මහතා වැඩිදුරටත් පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර ඉදිරියේදී බණ්ඩාරවෙල හා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර හා මධ්‍යම පළාත් සුරාබදු අධිකාරි ජානක පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සරත් ජයවීර මහතාගේ මෙහෙයවීමෙන්, පරීක්ෂක කැකුලන්දර, සැරයන්වරුන් වන (821) චන්දන, (768) මංජුල, කෝප්‍රල් වරුන්වන අල්විස් , (947) සිල්වා ,(979) බණ්ඩාර, (1150) අසංක, නියාමකවරුන් වන (1089) බක්මීදෙණිය, රෝහන, බුද්ධික යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.
නිමල් රාජපක්ෂ