තැපැල් දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ නිකුත් කරන ලද මුද්දර 4 අතරට පළමු මුද්දරය ලෙස සංගීත් නිපුන් දිවංගත සනත් නන්දසිරි කලාකරුවාණන් නමින් මේ මස 15 වැනිදා මුද්දරයක් එළිදක්වනු ලැබීය. ඔහු නමින් ලක්ෂ 3ක මුද්දර ප්‍රමාණයක් මුද්‍රණය වී ඇත.
මෙරට සංගීත ක්ෂේත්‍රයේ ගාන්ධර්වරයකු වූද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරයා ද වූද සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ගේ 83 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෙය 15 වැනිදාට එළිදක්වනු ලැබීය. ඔහු නමින් තැපැල් මුද්දරයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් උඩහමුල්ල සිරි ජිනරතනාරාම විහාරස්ථානයේ ශ්‍රවණාගාරයේ දී එදින පස්වරු 3.00ට නිකුත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධ ශාසනා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
තැපැල්පති රුවන් සත්කුමාර විසින් අමාත්‍යවරු වෙත මුද්දරය පිරිනැමූ අතර අමාත්‍ය නලින්ද ජයතිස්ස, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ බිරිය වන ප්‍රවීණ සංගීතවේදිනි මහාචාර්ය මල්කාන්ති නන්දසිරි සහ දියණිය අනුරාධා නන්දසිරි මහත්මීන් වෙත එහි මුල් පිටපත පිළිගන්වනු ලැබීය.
ඡායාරූප – නිශ්ශංක විජේරත්න