මැදවච්චිය, පූනෑව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක උපකාරක ඉංග්‍රීසි පංති ගුරුවරයෙකු විසින් එම පංතියට සහභාගි වූ සිසුවෙකුට බටයකින් පහර දී ඇති බවත් එම පහර දීමෙන් සිසුවා රෝහල් ගතවීම හේතුවෙන් ගුරුවරයා පොලිස් අත් අඩංගුවට ගත් බවත් පූනෑව පොලිසිය කියයි.
මෙලෙස පහර දී ඇත්තේ කඹරුපිටිය,නුවර පාර,වව්නියාව ලිපිනයේ පදංචි 29 හැවිරිදි සැකකරුවෙකි.
පසුගිය 15 වැනිදා මෙම අමතර පංතිය පූනෑව ප්‍රදේශයේදී පවත්වා ඇත. එහි ඉංග්‍රීසි විෂය උගන්වනු ලබන ගුරුවරයාගේ ඉංග්‍රීසි පංතියේ ඉගැනිම් කටයුතු සිදු කරන අවස්ථාවේදී ඉගැනිමේ කටයුතුවල නියැලෙන ළමුන් හට පැවරුමක් ලබා දී තිබේ. එහිදී එම ගුරුවරයා විසින්ම මල්ටි මිඩියා ඔස්සේ වැඩසටහනක් ද පෙන්වා ඇත. මෙම වැඩසටහනට ඇහුම්කම් නොදි සිටි කුඩා හල්මිල්ලැව ,පුනෑව ලිපිනයේ පදිංචි 12 හැවිරිදි සිසුවා හට මෙම ගුරුවරයා විසින් එහිදී ප්ලාස්ටික් බටයක් රැගෙන පහර දි ඉගැන්වීම් පිළිබඳ ඇහුම්කම් දෙන ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.
අනතුරුව උපකාරක පන්තිය නිමා වී සිසුවා නිවසට ගොස් තම දෙමාපියන් සමග ගුරුවරයා පහර දුන් බව පවසා ඇත. එම පහරදීම් හමුවේ ශරීරය රිදුම් දෙන බව පවසා අනතුරුව සිසුවා මැදවච්චිය රෝහලට ඇතුළත්ය නේවාසික ප්‍රථිකාර ලබා ඇත.
ඉන් පසුව ඊයේ(16) පහර කැමට ලක් වු සිසුවාගේ මව පුනෑව පොලිස්ථානයට පැමිණ මෙම ඉංග්‍රීසි ගුරුවරයා තම පුතාට පංතියේදී පහර දී ඇති බවට පවසමින් පැමිණිල්ලක් සිදු කර තිබේ.
අනතුරුව එම පැමිණිල්ල මත පුනැව පොලිස් ස්ථානාධිපති එන්.රණසිංහ මහතා ප්‍රමුඛ නිළධාරින් විසින් විමර්ශනයක් ආරම්භ කර සැකකාර ගරුවරයා අත්අඩංගුවට ගෙන මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහිදී සැකකාර ගුරුවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර නැවත මාර්තු මස 24වැනිදා නඩුව කැදවිමට නියමිතව ඇති බව පොලිසිය කියයි.
මැදවච්චය – සජිත් ගයාන් උබේපාල