Monday, April 7, 2025
Home » කන්දකැටියේ බස් – වෑන් අනතුරක් – 13දෙනෙකුට තුවාල

කන්දකැටියේ බස් – වෑන් අනතුරක් – 13දෙනෙකුට තුවාල

by chanaka
February 17, 2025 3:11 pm 0 comment

කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) පෙරවරු 6.15ට පමණ මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක සේවක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

එහිදී අනතුරින් තුවාල ලැබූ තරුණියන් 08 දෙනෙකු ඇතුලු 13 දෙනෙකු කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.

ඉන් හත් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගණ මූලික රෝහල වෙත මාරුකර යවා ඇත

අනතුරින් තුවාල ලබා ඇත්තේ, කන්දකැටිය, වැවේතැන්න, බෝපිටිය හා ඒ අවට ප්‍රාදේශවල පදිංචි කන්දකැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරන පිරිසකි.

පටු මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදී වාහන දෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

බදුල්ල දකුණ සමුහ -විමුක්ති සංජය පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT