Home » අමෙරිකාවේ සිරගත කළ මුම්බායි ප්‍රහාරයේ සැකකරු ඉන්දියාවට

අමෙරිකාවේ සිරගත කළ මුම්බායි ප්‍රහාරයේ සැකකරු ඉන්දියාවට

by sachintha
February 17, 2025 1:12 am 0 comment

අමෙරිකානුවන් 6 දෙනෙක් ඇතුළුව පුද්ගලයන් 166 දෙනකුට මරු කැඳවමින් වසර 2008 අගභාගයේ ඉන්දියාවේ මුම්බායි නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන අමෙරිකාවේ සිරගත කර සිටින ටහව්වුර් රානා නමැති පාකිස්තාන හමුදා වෛද්‍යවරයා ඉන්දියාවට භාර දීමට අමෙරිකාව එකඟතාව පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පසුගිය අමෙරිකානු සංචාරය අතරතුර එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු අමෙරිකාව එම තීරණය ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. 26/11 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ චෝදනා එල්ල වී ඇති ඉතා දරුණු පුද්ගලයකු ඉන්දියාවට භාර දෙන බවට එම සාකච්ඡාවෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම ප්‍රහාරයෙන් වසර දෙකකට පසු අමෙරිකාව විසින් අත්අඩංගුවට ගෙන වසර 13ක සිර දඬුවම් නියම කළ කැනඩාවේ පදිංචිව සිටි එම වෛද්‍යවරයා ඉන්දියාවට භාර දීමට පසුගිය වසරේදි අමෙරිකානු අධිකරණයක් තීන්දු කළ බවත්, එම තීන්දුවට එරෙහිව ඔහු එරට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අභියාචනය පසුගියදා ප්‍රතික්ෂේප වූ බවත් වාර්තා විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT