Wednesday, April 23, 2025
Home » පාප් වහන්සේ රෝහලේ

පාප් වහන්සේ රෝහලේ

by sachintha
February 17, 2025 1:09 am 0 comment

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කළ බව නිවේදනයක් නිකුත් කරමින් වතිකානුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 88 හැවිරිදි පාප් වහන්සේ පසුගිය සිකුරාදා රෝහල්ගත කළ බවත්, සතියකට වැඩි කාලයක් ප්‍රතිකාර ගත යුතුව ඇති බවත් එම නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පාප් වහන්සේ බ්‍රොන්කයිටීස් රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් විවේකයක් අවශ්‍ය බව වතිකානුවේ පාප්වහන්සේලා වෙනුවෙන් ස්ථාපිත කර ඇති විශාලතම රෝහලේ වෛද්‍යවරුන් තහවුරු කර ඇති අතර, උන් වහන්සේගේ සම්ප්‍රදායික මහජන හමු සහ සතිපතා යාඥාවන් අවලංගු කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT