Monday, April 21, 2025
Home » නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රවල අලුත්ම තත්ත්වය මෙන්න

නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රවල අලුත්ම තත්ත්වය මෙන්න

by chanaka
February 16, 2025 9:33 am 0 comment

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිදවැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත්කර තිබේ.

ඒ අනුව ජනන යන්ත්‍ර 02 ක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති අතර, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රයද පද්ධතියට එක්කිරීමේ හැකියාව පවතින බව වාර්තා වේ.

පසුගිය 09 වැනිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මකවීමෙන් එහි ජනන යන්ත්‍ර 03 ම අක්‍රීය වූ අතර එමගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් අහිමි වී තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT