Monday, April 21, 2025
Home » කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම මෙන්න – කැනඩා කතක් මාට්ටු

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම මෙන්න – කැනඩා කතක් මාට්ටු

by chanaka
February 16, 2025 9:30 am 0 comment

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කෝටි තිස් හයක් වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය  තොගයක් සමග විදේශික ගුවන් මගී කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇත.

ඊයේ (15) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඇය 36 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවකි . ඇය ද දැඩි ලෙස මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී සිටින කාන්තාවක් බවද ,
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන ලදී අනාවරණය කර ගෙන ඇතැයි වාර්තා වේ.

පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණමෙන් සිටි මෙම කාන්තාව  කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට ගමන් ආරම්භ කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ , එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 936 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇතැයි සදහන් වේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කැනඩා ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

කටුනායක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT