Home » පානදුර ගුවන් පාලම අසල පෞද්ගලික බස් රථයක් පෙරළෙයි

පානදුර ගුවන් පාලම අසල පෞද්ගලික බස් රථයක් පෙරළෙයි

by yasara
February 15, 2025 9:00 am 0 comment

පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (14) රාත්‍රී 11ට පමණ ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස පෙරළී ඇති බව පානදුර දකුණ පොලීසිය පැවසීය.

බස් රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.

අනතුරු සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50කට වැඩි පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

මෙම අනතුරෙන් බස් රථයට ද හානි සිදුව තිබේ.

බස් රථය පැදවූ රියදුරු පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT