Wednesday, April 23, 2025
Home » විදේශීය ඡායාරූප ශිල්පීහු අම්බලන්ගොඩට

විදේශීය ඡායාරූප ශිල්පීහු අම්බලන්ගොඩට

by sachintha
February 14, 2025 1:35 am 0 comment

ලොව ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයන් අතර ප්‍රමුඛ ස්ථානයක් හොබවන ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා, ලොව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් යටතේ විදේශීය රටවල් කිහිපයක් නියෝජනය කරමින් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු විදේශීය ඡායාරූප ශිල්පීහු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ, ශ්‍රී ලංකා ගැමි සමාජය පිළිබඳ හැදෑරීමක් සිදුකිරීම සඳහා පසුගියදා අම්බලන්ගොඩ වතුගෙදර පිහිටි සංචාරකයන් සඳහා ශ්‍රී ලාංකේය ගැමි ජීවිතය සම්බන්ධව අත්දැකීම් ලබාගැනීමේ වැඩසටහනකට සහභාගි වූහ.

මෙහිදී ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ගැමි සමාජයේ අංග නිර්මාණය කරමින් ගම්මානයක් ඉදිකර තිබූ අතර එම ගම්මානයේ සම්ප්‍රදායික ගැමි නර්තනාංග, ගැමි ආහාරපාන, ගැමි කර්මාන්ත, විවිධ සංස්කෘතිකාංග මෙහිදී දැක බලා ගැනීමට නිර්මාණය කර තිබුණි. මෙහි පැමිණි විදේශීය ඡායාරූප ශිල්පීන්ගේ දැඩි ආකර්ෂණයට මෙම ගැමි අංග ලක්ව තිබූණු බව දැකගැනීමට හැකි විය. මෙවන් වැඩසටහන් ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන්ගේ අවධානය යොමු කිරීමට ඉවහල්වේ. එමෙන්ම රටේ ආර්ථිකයට මනා පිටුවහලක් වනු ඇත.

කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT