Thursday, April 24, 2025
Home » ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට අධිකරණයෙන් සිතාසි

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට අධිකරණයෙන් සිතාසි

by sachintha
February 14, 2025 1:32 am 0 comment

 

අධිකරණ නියෝග නොතකා යාපනයේ දී විරෝධතාවක් සංවිධානය කළැයි කියන සිද්ධියකට අදාළව අද (14) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට අධිකරණයෙන් සිතාසි ලැබී ඇතැයි වාර්තා වේ.

මෙම මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් කිසියම් පිරිසක් යාපනයේ කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට කන්කසන්තුරේ පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම අධිකරණ නියෝගය ලබා ගෙන තිබුණි.

එම අධිකරණ නියෝගයේ සඳහන් වූයේ විහාරස්ථානයට අයත් ග්‍රාම සේවා වසම තුළ කිසිදු ආකාරයක විරෝධතාවක් නොපවත්වන ලෙසයි.

එමෙන්ම එම නියෝගය පරිදි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට එම ප්‍රදේශයට ඇතුළු වීම ද තහනම් කොට තිබිය දී ඔහු පිරිසක් සමඟ එම ස්ථානයට පැමිණ ක‍ළු කොඩි ඔසවා තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම සිතාසිය නිකුත් කර තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අදාළ මන්ත්‍රීවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් බවට වාර්තා වේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT