Wednesday, April 23, 2025
Home » Omega Line, 1990 සුවසැරිය පදනම සමඟ

Omega Line, 1990 සුවසැරිය පදනම සමඟ

by sachintha
February 14, 2025 1:42 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක්වන ඔමේගා ලයින් සමාගම, 1990 සුවසැරිය ගිලන් රථ සේවාව වෙනුවෙන් ගිලන් රථ දෙකක් අලුත්වැඩියා කර භාරදීමට පසුගියදා කටයුතු කළේය. ඉතාලියේ Oniverse සමූහයට අනුබද්ධිත ඔමේගා ලයින් සමාගම, මෙරට මහජන සෞඛ්‍ය සහ ප්‍රජා සුබ සාධනය වෙනුවෙන් තම කැපවීම පෙන්නුම් කරමින් සිදු කරන ලද මෙම සත්කාර සේවාව වෙනුවෙන් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදී තිබේ.

සුවසැරිය පදනම මඟින් හඳුන්වාදුන් ‘Adopt an Ambulance’ වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදු කර තිබේ. Omega Line insignia අනුග්‍රාහක සන්නාමය ද සහිත මෙම ගිලන් රථ දෙක වෙන්නප්පුව සහ වවුනියාව නගරවල හදිසි වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් වෙන්කර ඇත. ‘Adopt an Ambulance’ වැඩසටහන යටතේ ඔමේගා ලයින් වැනි පෞද්ගලික සමාගම්වලට ද එක් වසරක් සඳහා ගිලන් රථයක් නඩත්තු කිරීමට සහ එහි මෙහෙයුම් කටයුතු සඳහා අනුග්‍රහය ලබාදිය හැක.

ශ්‍රී ලංකාව තුළ අපගේ කැපවීම සහ දායකත්වය හුදෙක් ආර්ථික සහ කර්මාන්තමය දායකත්වයෙන් ඔබ්බට ගමන් කරනවා. 1990 සුවසැරිය ගිලන් රථ සේවාවට සහාය වීම තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය යටිතල පහසුකම් නැංවීමටත්, මහජනතාවට හදිසි වෛද්‍ය සේවා සඳහා ප්‍රවේශවීමේ අවස්ථා වැඩි කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා යනුවෙන් ඔමේගා ලයින් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සුදම් කිරිඇල්ල මහතා පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT