එළඹෙන ආදරවන්තයින්ගේ දිනයේදී තම ආදරවන්තිය හෝ ආදරවන්තයා සමඟ සුන්දර නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔබ වෙනුවෙන්ම විශේෂ වට්ටම් රැසක් සමඟින් නැඟෙනහිර වෙරළ තීරයේ සුන්දරත්වය අත්විඳ ගැනීමේ අවස්ථාව Sun Siyam Pasikudah හෝටලය පිරිනමයි. ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර වෙරළ තීරයක පිහිටි Sun Siyam Pasikudah හෝටලය, රෝමාන්තිකබව මෙන්ම සුඛෝපභෝගීත්වය පිරුණු අමතක නොවන අත්දැකීමක් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමීප කිරීමට පියවර ගෙන තිබේ.
අලංකාර ලෙස නිර්මාණය කළ beach සහ garden pavilion 34කින් Sun Siyam Pasikudah හෝටලය සමන්විත අතර ආදරවන්තයින්ගේ දිනයේදී අර්ධ ගෙවීමක් යටතේ room upgrades ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. එමෙන්ම නැඟෙනහිර වෙරළේ විශාලතම වයින් එකතුවෙන් යුතු මෙහි champagne dinners සඳහා 20%ක වට්ටමක් ද පිරිනැමීමට හෝටලය කටයුතු යොදා තිබේ. ඊට අමතරව ආදරවන්ත යුගලයන්ගේ ආහාර සඳහා ද ශරීර සම්බාහන පහසුකම් සඳහා ද 15%ක වට්ටමක් හිමිවේ. ත්‍රාසජනක අත්දැකීම්වලට කැමැති අය වෙනුවෙන් පාසිකුඩා ආශ්‍රිත ජල ක්‍රීඩාවල නිරත වීමේ අවස්ථාව ද තිබේ. ජෙට් ස්කී මෙන්ම කොරල්පර අතර ස්නෝක්ලින් කිරීම ද ඊට අයත්ය. ඒ සියල්ල අතරේ හෝටලය මඟින් පිරිනමන ශරීර සම්බාහන අත්දැකීම ද විවේකී නිවාඩුවට අමතර සුඛෝපභෝගීත්වයක් එක්කරයි. මේ අතර ශ්‍රී ලංකාවට ආවේණික ආහාරපාන මෙන්ම යටත්විජිත යුගයට අයත් ආහාරපාන රටා රසවිඳීමේ අවස්ථාව ද සංචාරකයින්ට හිමිවේ. Tea House හිදී විවිධ තේ වර්ග රසබැලීමේ අවස්ථාව උදාවන අතර, Slice & Grill හිදී පිහිනුම් තටාකය අසල ආහාරපාන අත්දැකීම ද, Beach Shack හිදී කැරිබියානු ක්‍රමයට විශේෂයෙන්ම නිවර්තන කලාපීය බීම වර්ග රසවිඳීමේ අත්දැකීම ද ලබාගත හැකිය.