Wednesday, April 23, 2025
Home » 2024 කුළුබඩු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

2024 කුළුබඩු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

by sachintha
February 14, 2025 1:39 am 0 comment

පසුගිය 2024 වර්ෂයේ කුළුබඩු අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව වාර්තාගත ආදායමක් උපයාගෙන ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා පවසයි. එය මෑත ඉතිහාසයේ කුළුබඩු හෙවත්

අපනයන කෘෂිබෝග අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ලබාගත් වැඩිම ආදායම වන අතර, එය රුපියල් මිලියන 89, 217කි. කුළුබඩු මෙට්‍රික් ටොන් 44, 262ක් අපනයනය කිරීමෙන් මෙම විදේශ විනිමය ප්‍රමාණය උපයාගෙන ඇත.

මෙහිදී වැඩිම ආදායමක් උපයාගෙන ඇත්තේ ගම්මිරිස් අපනයනය කිරීමෙනි. එය රුපියල් මිලියන 51, 524ක් වන අතර, ඒ සඳහා ගම්මිරිස් මෙට්‍රික් ටොන් 25, 978ක් අපනයනය කර ඇත. ගම්මිරිස් අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් ඉහළම ආදායම ද එයයි. ගම්මිරිස් වැඩි වශයෙන් ඉන්දියාවට අපනයනය කර ඇති අතර, එය මෙට්‍රික් ටොන් 23,932ක් බවද උපුල් රණවීර මහතා ප්‍රකාශ කළේය. එමඟින් රුපියල් මිලියන 47, 436ක් උපයාගෙන ඇත. තවද ජර්මනිය, නෙදර්ලන්තය වැනි රටවල් සඳහාද ගම්මිරිස් අපනයනය කර තිබේ.

2023 වර්ෂයේ ගම්මිරිස් අපනයනයෙන් උපයාගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 29, 329කි. එම වර්ෂයේදී අපනයනය කරන ලද ගම්මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 14, 255කි. ඒ අනුව පසුගිය 2023 වර්ෂයට සාපේක්ෂව

2024 ගම්මිරිස් අපනයනයෙන් උපයාගත් විදේශ විනිමය ප්‍රමාණය 75.67% කින්ද අපනයනය කළ ගම්මිරිස් ප්‍රමාණය 82.23%කින්ද ඉහළ ගොස් ඇති බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. එසේම පුවක් මෙට්‍රික් ටොන් 8852ක් අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 11, 598ක් උපයා ගැනීමට සමත් වී තිබේ. සාදික්කා මෙට්‍රික් ටොන් 2317ක් අපනයනය කර ඇති අතර, එමඟින් උපයාගත් විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 4648කි. මීට අමතරව කහ, ඉඟුරු, කෝපි, එනසාල්, කරාබු, වැනිලා, බුලත්, ගොරකා, කොකෝවා ඇතුළු අනෙකුත් කෘෂිබෝග අපනයනය තුළින් රුපියල් මිලියන 20,526ක ආදායමක් ලැබී ඇති අතර, අපනයනය කළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7023ක් බවද උපුල් රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT