Wednesday, April 23, 2025
Home » IIHS වෙතින් වෛද්‍ය අධ්‍යාපන වැඩසටහන් රැසක්

IIHS වෙතින් වෛද්‍ය අධ්‍යාපන වැඩසටහන් රැසක්

by sachintha
February 14, 2025 1:36 am 0 comment

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දෙයි. දශක දෙකකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය බිහි කළ නිපුණත්වයෙන් හෙබි සෞඛ්‍ය වෘත්තිකයෝ ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසක සේවය කරති.

IIHS ආයතනයේ සම නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරි සහ වෛද්‍ය අධ්‍යාපන පීඨාධිපති විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා ගෝලීය විශේෂඥ වෛද්‍ය වෘත්තික හිඟයට පිළියම් යෙදීම සඳහා ආයතනය සතු දැක්ම පිළිබඳව මෙලෙස පැවසීය. “2030 වන විට ගෝලීය වශයෙන්, විශේෂයෙන්ම අඩු සහ මැදි ආදායම්ලාභී රටවල වෛද්‍යවරුන්ගේ හිඟය මිලියන 10ක් දක්වා ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙස අප ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසනවා.”

IIHS ආයතනය MedStart, Biomedical Science සහ International School of Western Australia (ISWA) යනුවෙන් ප්‍රථම උපාධි වැඩසටහන් තුනක් හඳුන්වා දී තිබේ. IIHS Multiversity ආයතනයේ GEMS අධ්‍යාපන ආයතනය පවත්වන MedStart උපාධි වැඩසටහනේ කාලසීමාව වසර දෙකහමාරකි. ඒ යටතේ එක්සත් රාජධානියේ Surrey විශ්වවිද්‍යාලය පිරිනමන වෛද්‍ය විද්‍යා උපාධියක් ලැබිය හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT