රුපියල් කෝටි තුනක් වටිනා ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු ඊයේ (13) සවස කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ – 13 කොටහේන ප්‍රදේශයේ පදිංචි , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
මොහු ඉකුත් 02/01 දින සවස 04.30 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියද , ඔහුගේ ගමන් මලු එම ගුවන් යානයේ රැගෙන විත් නොතිබුණි .
පසුව වෙනත් ගුවන් යානයකින් එම ගමන් මලු කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර , ඒවා නිදහස් කර ගැනීම සදහා මෙම ව්‍යාපාරිකයා ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් එම ගමන් මලු පරීක්ෂා කිරීමේදී , ඒ තුළ සගවා ගෙන තිබූ නවීනතම ජංගම දුරකථන 180 ක් සහ ටැබ් පරිගණක 05 සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ තිළිණි පීරිස් මහත්මියගේ උපදෙස් සහ අධීක්ෂණය මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන මධුසංඛ විජයවර්ධන , බුද්ධික නිශාන්ත , ඉන්දුල මහේෂ් , ලසන්ත පෙරේරා , ලක්මල් තෙන්නකෝන් සහ සසහකාර රේගු අධ්‍යක්ෂ ඉන්දික විතානගේ යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ව්‍යාපාරිකයා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .