Monday, April 21, 2025
Home » අද පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට ව්‍යාජ පුවතක්

අද පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට ව්‍යාජ පුවතක්

by chanaka
February 14, 2025 8:28 am 0 comment

education news

අද(14) දින පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට ව්‍යාජ පුවතක් සංසරණයවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ව්‍යාජ ලෙස සැකසූ අධ්‍යාපන අමාත්‍යංශ ලිපි ශිර්ෂයක් යටතේ, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ යැයි හැගෙන ව්‍යාජ අත්සනකින් යුතුව අද දිවයිනේ සියළුම පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බව දන්වමින් සකසන ලද ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

එම ලිපියේ සදහන් පුවත අසත්‍ය බවත් එම ලිපිය හෝ පුවත බෙදාහැරීමෙන් වළකින ලෙසත් දැනුම් දී මහජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT