Monday, April 21, 2025
Home » ශ්‍රී ලංකාව අමාරුවේ දැමූ කූනමන් පන්දු යැව්වේ ‘දමා ගහලාද’

ශ්‍රී ලංකාව අමාරුවේ දැමූ කූනමන් පන්දු යැව්වේ ‘දමා ගහලාද’

-අයිසීසියෙන් තාවකාලික තහනමක්

by sachintha
February 13, 2025 1:45 am 0 comment

ශ්‍රී ලංකාව සමඟ ගාල්ලේ පැවති ටෙස්ට් තරග දෙකේදී කඩුලු 16ක් බිඳ හෙලා ශ්‍රී ලංකා පිල අමාරුවේ දැමූ ‍‍‍මැතිව් කූනමන් පන්දු යැව්වේ ‘දමා ගසමින්ද’ යන ප්‍රශ්නය මත ඔහුට තාවකාලිකව පන්දු යැවීමේ තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත. කූනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට තරග තීරක ජෙෆ් ක්‍රෝ මහතා වාර්තා කිරීමෙන් පසු මෙම තහනම පනවා තිබේ.

28 හැවිරිදි වමත් දඟපන්දු යවන කූනමන් ටෙස්ට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාවූ අතර, එම වාසිය මත ඕස්ට්‍රේලියාවේ 2-0ක් ලෙස තරගාවලිය ජයග්‍රාහීව අවසන් කළේය.

කූනමන්ගේ පන්දු යැවීම නීත්‍යනුකූලද යන්න ඔප්පු කිරීම සඳහා සති තුනක කාලයක් ලබාදී ඇති අතර, එම කාලය තුළදී ජෛව යාන්ත්‍රික පරීක්ෂණයකට භාජනය වීම අනිවාර්ය කර ඇත. අයිසීසී නීතිරීතිවලට අනුව, පන්දු යවන්නෙකුට පන්දු යැවීමේදී අතෙහි උපරිම අංශක 15ක නම්‍යතාවයක් සිදුකිරීමට අවසරදී ඇතත් කූනමන් එය ඉක්මවා ගොස් ඇතැයි සැක පහළවී ති‍බේ.

2023දී ටෙස්ට් වරම් දිනාගත් මැතිව් කූනමන් ‍මේ දක්වා ටෙස්ට් තරග පහක් සහ එක්දින ජාත්‍යන්තර තරග හතරක් ක්‍රීඩා කොට ඇත. එයට අමතරව 2018 සිට ඔහු බිග් බෑෂ් ලීග් තරග 55කට ක්‍රීඩා කළ ද, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ ඉරියව්ව ප්‍රශ්න කරන ලද පළමු අවස්ථාව මෙය වේ. මෙම කෙටි කාලය තුළ ඔහු ටෙස්ට් කඩුලු 25ක් හා එක්දින ජාත්‍යන්තර තරගවලදී කඩුලු 6ක් බිඳ හෙලා තිබේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT