ගම්පහ, බටේපොළ උතුර පදිංචි එක්තැන්ව සිටින රෝගී මවක් හා ඇගේ පවුලේ අය වෙනුවෙන් විශේෂ ගිලන් ඇඳක්, ඇගේ දරුවාට හා ස්වාමිපුරුෂයාට ඇඳක් මෙන්ම ඒ සඳහා මෙට්ට ඇතුළු නිවෙසට අවශ්‍ය ගෘහ භාණ්ඩ, වියළි ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමේ ප්‍රජා සත්කාර වැඩසටහනක් පෙරේදා (11) සිදු කෙරිණි.
මෙම පරිත්‍යාගයන් සිදු කරනු ලැබුවේ, මහර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී අතුල ඉන්දික මහතාගේ ඉල්ලීමකට අනුව සමීර කන්ස්ට්‍රක්ෂන්හි අධිපති සමීර කුමාරසිංහ මහතා හා එම මහත්මිය විසිනි. ඉදිරි මාර්තු මාසයේ සිට දරුවාගේ හා මවගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් මාසිකව දීමනාවක් ලබා දීමට ද කුමාරසිංහ මහතා එහිදී පොරොන්දු විය. අමුණුකුඹුර විහාරස්ථානයේ විහාරාධිපති ගල්කිරියාගම සීලානන්ද හිමියන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ගයනි චතුරිකා, ග්‍රාම නිලධාරිනී සේනානි කළුආරච්චි යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක