Home » මාර්ග සංවර්ධනය වුණත් පරණ සංදාම කුටි තවමත් පාර මැද

මාර්ග සංවර්ධනය වුණත් පරණ සංදාම කුටි තවමත් පාර මැද

-අනතුරු අවදානම ගැන මාර්ග ආරක්ෂක කමිටුවේදී එළියට

by sachintha
February 13, 2025 1:17 am 0 comment

මාර්ග මධ්‍යයෙහි ඇති සංදාම කුටි නිසියාකාරයෙන් නොවීම ඉතා අනතුරුදායක තත්ත්වයක් බැවින් එම සියල්ල මාර්ගවලට සමාන්තරව සකස් කිරීමට අදාළ ආයතන මඟින් පියවර ගත යුතුව ඇති බව ගම්පහ කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුවේදී ප්‍රකාශ විය.

අතීතයේදී මාර්ග අද්දරින් යොදා තිබූ භූගත දුරකතන රැහැන් සහ ජල නළ බොහොමයක් මේ වන විට මාර්ග සංවර්ධනය වීම මත මාර්ග මධ්‍යයෙහි ඇති බැවින් එම සංදාම කුටි නිසියාකාරයෙන් සකස් කොට නොතිබීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බව කොට්ඨාස රථ වාහන අංශාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසිරි මෙන්ඩිස් මහතා එම කමිටුවේදී පැවසීය. ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාගේ මූලිකත්වයෙන් ධර්මසිරි මෙන්ඩිස් මහතාගේ මෙහෙයවීම යටතේ කමිටු රැස්වීම පැවැත්විණ.

ගම්පහ අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT