ඉන්දියාවේ ග්‍රීන් සත්ත්වෝද්‍යානය සමඟ ඇති කරගෙන තිබෙන සත්ත්ව හුවමාරු වැඩසටහනට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Òකැපිටල් සත්ත්වෝද්‍යාන සහ වනසත්ත්ව උද්‍යානයෙන්Ó දුඹුරු වලස් ජෝඩුවක්, මියර්කැට් ජෝඩු තුනක් සහ තිත්හයිනා ජෝඩුවක් ඇතුළු සතුන් දස දෙනකු දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය වෙත රැගෙනවිත් තිබේ.
සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් පශු වෛද්‍ය ආර්.සී. රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඉකුත් 10 වැනි දින උදෑසන 11.00ට පමණ මෙම සතුන් සත්ත්වෝද්‍යානය වෙත රැගෙන ආ බවයි. මෙම සතුන් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙනවිත්, සත්ත්වෝද්‍යාන පශූ වෛද්‍යවරුන් යටතේ භාරගෙන තිබූ අතර, එයින් මියර්කැට් ජෝඩු තුන හා දුඹුරු වලසුන් ජෝඩුව දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ බවත්, තිත් හයිනා සත්ත්ව ජෝඩුව පමණක් හම්බන්තොට සෆාරි උද්‍යානය වෙත යවා ඇති බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
සතුන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනූෂිකා මානවඩු මෙණෙවිය පැවසුවේ, මෙම සතුන්ගෙන් දුඹුරු වලසුන් ජෝඩුවට වයස අවුරුදු 2ත් 3ත් වන අතර, ඔවුන් උපරිම වනගතව අවුරුදු 28ක් ජීවත් වනු ඇති බවයි. මියර්කැට් හයදෙනා අවුරුදු 2ත් 6ත් වන අතර, උපරිම වයස අවුරුද 15ක් දක්වා ජීවත් වන බවයි. තිත්හයිනා මේ වනවිට වයස අවුරුද 5 – 8 වන බවත්, උපරිම වනගත ලෙස අවුරදු 20ත් 30ත් අතර කාලයක් ගත කරන බවත් මානවඩු මෙණෙවිය කියා සිටියාය.
මේ අනුව මෙම සතුන් සියලු දෙනාම මාසයක නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර, ඔවුන්ගේ ආහාර රටාව අනුව එරටදී ලබා දුන් ආහාර ද්‍රව්‍යයම මෙරට දේශගුණයට හුරුවන තෙක් ලබා දීමට ද කටයුතු යොදා තිබේ. මෙම සතුන් ලබන මස 11 වැනි දින වනවිට මහජන ප්‍රදර්ශනයට යොමු කිරීමට නියමිතය.
දෙහිවල – ඩී.පී. හේරත්