නුවරඑළිය – මහනුවර ප්‍රධාන මාර්ගයේ බඹරකැලේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් සිවුදෙනෙක් සහ පුද්ගලයන් දෙදෙනෙකු පෙර්දා (11) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මුදලට කාන්තාවන් අලෙවි කිරීමේ ගණිකා ජාවාරමක් මෙම ස්ථානයේ සිදු කරගෙන ගොස් ඇති බවත්, උපායදූතයෙකු යොදා ගනිමින් එම ස්ථානයේ ගණිකා ජාවාරම සිදු කරගෙන යන බවට තහවුරු කර ගැනීමෙන් පසු වැටලීමක් සිදු කර එම මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් සිවුදෙනෙකු සහ සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකරු, සහකාර කළමනාකරු අත්අඩංගුවට ගත් බව නිශාන්ත බණ්ඩාර මහතා පවසා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකාරිනියන් රත්නපුර, වැලිමඩ, ගාල්ල, කොළඹ යන ප්‍රදේශවල පදිංචි අවු 21 – 34 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, මෙම ජාවාරම සිදු කරගෙන ගිය සැකකරුවන් දෙදෙනා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වැටලීම සිදු කළ නිලධාරීන් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හැටන් – රංජිත් රාජපක්ෂ