වවුනියාව නගරයේ වෙළෙඳසලක් තුළ තිබී පිරිමි අයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් පෙරේදා (11) සොයාගෙන තිබේ.
පොලීසිය ප්රකාශ කළේ මියගිය පුද්ගලයා එම වෙළෙඳසලේ සේවකයෙකු බවයි. වවුනියාවේ ශාන්තසෝලේ ගම්මානයේ පදිංචි 42 හැවිරිදි සුප්පයියා ආනන්දන් නැමැති මෙම පුද්ගලයා රාත්රී කාලයේ නිෙවසට යාමට නොහැකි නිසා වෙළෙඳසලේ උඩු මහලේ නිදාගෙන සිට ඇත. රාත්රියේදී ඔහු වැසිකිළියට හෝ වෙනත් ස්ථානයකට යාමට උත්සහ කළ අවස්ථාවේදී වෙළෙඳසලේ කොන්ක්රීට් තට්ටුවකින් පහළට ඇද වැටී ඔහු මියගොස් තිබේ. මියගිය අයගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්යි.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ