Home » සංචාරකයන් සුරකින්න නුවරඑළියට පැය 24ක ආරක්ෂක වැඩපිළිවෙළක්

සංචාරකයන් සුරකින්න නුවරඑළියට පැය 24ක ආරක්ෂක වැඩපිළිවෙළක්

-හැටන් දිසා භාර නියෝජ්‍ය පොලිස්පති

by sachintha
February 13, 2025 12:06 am 0 comment

නුවරඑළියට එන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පැය 24ක ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි නුවරඑළිය හැටන් දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියංකර ද සිල්වා මහතා පවසයි.

ඉදිරි කාර්යබහුල සමය තුළ පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

විශේෂයෙන් මෙරට සංචාරය සඳහා පැමිණෙන තර්ජනයට ලක්ව ඇති ඊශ්‍රායල් වැනි රටවල සංචාරකයන් රැඳී සිටින ස්ථානවලට පොලිස් ආරක්ෂාව ලබා දෙන බව කියා සිටි ඒ මහතා සංචාරකයන්ට ගමන් පහසුව ලබා දෙන රථ හිමියන් සහ එම සංගම්වලට සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු වන ලෙස පහසුකම් සපයන ලෙස දැනුම් දී ඇතැයි ද කියා සිටියේය.

සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති පොලිස් සංචාරක කොට්ඨාසය ද අවශ්‍ය පියවර ගන්නා බව කී ඒ මහතා සංචාරකයන්ගේ බඩු භාණ්ඩ සම්බන්ධයෙන් ද දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ එම දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ නුවරඑළියට බදුල්ල ඔඩිසි විශේෂ දුම්රියේ මංගල ගමනට එක්වෙමිනි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT